පාසල් පසුබිම
ක්‍රි.ව 1909 සැප්තැම්බර් මස 06 වන දින පොල් අතු සෙවිලි කල කුඩා ගොඩනැගිල්ලකින් අරඹන ලද ගම්/හේමමාලි මහා විද්‍යාලය වසර සිය ගණනක් පසුකරමින් තේජාන්විත හා අභිමානවත් ගමනක යෙදෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ කොට්ඨාසයේ දූ පුතුන් රැසක් සිප් කිරෙන් පෝෂණය කරන 1 C වර්ගයේ මිශ්‍ර පාසලක් ලෙසිනි.
ගලහිටියාව උතුර ග්‍රාම සේවා වසමට අයත් ගම්/ හේමමාලි මහා විද්‍යාලය ගණේමුල්ල නගරයේ සිට 500M පමණ දුරින් පිහිටා ඇති අතර අක්කර 5 ක පමණ භූමි භාගයකින් සමන්විත වේ. භෞතික පිහිටිම අනුව ප්‍රාථමික, කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ලෙස අංශ තුනක් ස්ථාන තුනක පිහිටා ඇති අතර ප්‍රාථමික අංශයේ 1 – 4 ශ්‍රේණි, කණිෂ්ඨ අංශයේ 5 – 8 ශ්‍රේණි හා ජ්‍යෙෂ්ඨ අංශයේ 9 -13 පැවැත්වේ. 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලු ශ්‍රේණි වල සමාන්තර පන්ති 5 ක් බැගින් පැවැත්වෙන අතර අ.පො.ස උසස් පෙළ කලා හා වාණිජ විෂය ධාරාවක් සදහා සමාන්තර පන්ති 1 බැගින් පැවැත්වේ. ප්‍රාථමික අංශය හා කණිෂ්ඨ අංශයන් අංශ ප්‍රධාන සහකාර විදුහල්පතිවරු මගින් පාලනය වුව ද සමස්ත විද්‍යාලයීය පද්ධතියම විදුහල්පති තුමා යටතේ පාලනය වේ.
විශේෂ අධ්‍යාපන ඒකකයකින් ද සමන්විත හේමමාලි මහා විද්‍යාලයේ සිසුන් 2200 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන අතර ගුරු භවතුන් 89 ක් ඉගැන්වීම් කාර්යයෙහි නිරත වේ.
ඉතා අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන හේමමාලි මහා විද්‍යාලය ජාතික පාසල් දහසක් ව්‍යාපෘතිය යටතේ අද වන විට ජාතික පාසලකි. පාසලේ ඉගෙනුම ලබන සිසුන් බහුතරයක් පෝෂිත ප්‍රදේශයේ වන අතර විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන දෙමාපියන් ගේ දරුවන් පාසල තුළ ඉගෙනුම් ලබයි. බොහෝ ජයග්‍රාහී කඩඉම් පසු කරමින් යන හේමමාලි විද්‍යාලයේ ප්‍රථම විද්‍යාලාදීපති වන්නේ බි.එස්. කොතලාවල හේරත් මහතා වන අතර එතැන් සිට
- හේමචන්ද්‍ර ජයකොඩි මයා
- කේ.ඒ.එම්. සිරිවර්ධන මයා
- ඊ.ඩබ්. පෙරේරා මයා
- ජේ.ඩි.ජි. රණසිංහ මයා
- එම්.පි.සි. රත්නසේකර මයා
- ඩබ්. අභයසේකර මයා
- ඩි.වි. ඩි.එස්. සේනාධිපතිරණ මයා
- කේ.ඩබ්. ප්‍රනාන්දු මයා
- යු.එස්. සමරවික්‍රම මයා
- ඩි. රන්දුනුගේ මයා
- යු.ආර්.ජයසිංහ මයා
- එම්. ඩි. එල්. ඕ. ආරියතිලක මයා
- පි.එන්. දාබරේ මයා
යන විදුහල්පතිවරු විද්‍යාලයට ඉටු කර ඇත්තේ අපරිමිත සේවයකි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව, අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ යන අධ්‍යාපන කඩ ඉම්, වලින් ජයග්‍රහණ ලබනවා සේම ක්‍රිඩා, සෞන්දර්ය ආදි ශිෂ්‍ය සමගාමී ක්‍රියාකාරකම් ඔස්සේ ජාතික තලයේ සුවිශේෂි ජයග්‍රහණ ලබා ගනිමින් ඉදිරියට යන හේමමාලි මහා විද්‍යාලයේ සංවර්ධනයේ පෙර ගමන් ගරු වන්නේ වත්මන් විදුහල්පති තුමා ය. 2014 ජනවාරි 31 වන දින විදුහල්පති ලෙස වැඩ භාරගත් සි. පි. හෙට්ටිආරචිචි මහතා විද්‍යාලය නව මානයක් කරා මෙහෙයවමින් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත් කිරිමට කැපවන අතර විෂය මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් දරුවන් ජයග්‍රහණය කරා මෙහෙවමින් ප්‍රදේශයේ කිර්තිමත් පාසලක් බවට පත් කිරිමට කැපවන අතර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තුමිය ලෙස කටයුතු කරන ජි.එම්. ඩි. පෙරේරා මහත්මිය පාසලේ පරිපාලන හා සංවර්ධන යන දෙඅංශයෙහිම උන්නතිය වෙනුවෙන් තම දායකත්වය නොමදව සපයනු ලබයි. පාසල අභිමානවත් ලෙස ඔසවා තබන්නට හා විද්‍යාලයීය කීර්ති නාමය දසත පතුරුවාලන්නට විද්‍යාලයීය විදුහල්පති තුමන්ට ඇය යෝධ ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
ක්‍රි.ව 1909 සැප්තැම්බර් මස 06 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
බි.එස්. කොතලාවල හේරත් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හේමමාලි මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගණේමුල්ල නගරයේ සිට 500M පමණ දුරින් පිහිටා ඇති අතර අක්කර 5 ක පමණ භූමි භාගයකින් |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |














